(1) අහස මත ද තාරික් මත ද දිවුරමින්,
(2) තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?
(3) (එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.
(4) නිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.
(5) මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !
(6) විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.
(7) කොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.
(8) සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.
(9) එදින රහස්ය දෑ හෙළි කරනු ලැබේ.
(10) එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.
(11) තවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,
(12) පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,
(13) සැබැවින්ම එය තීරණාත්මක වදනකි.
(14) තවද එය සරදමක් නොවේ.
(15) සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් සැලසුම් කරති.
(16) මම ද සැලසුමක් සැලසුම් කරමි.
(17) එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු.