111 - Al-Masad ()

|

(1) අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!

(2) ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.

(3) මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.

(4) (ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).

(5) ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳි වලින් ඇඹරූ කඹයකි.