(1) ධර්ම ග්‍රන්ථ සතු ජනයා හා ආදේශ තබන්නන් අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් තමන් වෙත පැහැදිලි සාධකය පැමිණෙන තෙක් (ප්‍රතික්ෂේප කිරීමෙන්) ඉවත්වන්නෝ නොවූහ.
(2) එය පිවිතුරු කරන ලද ලේඛන කියවන අල්ලාහ්ගෙන් වූ පණිවිඩකරු ය.
(3) එහි ඍජු නීති රීති ඇත.
(4) තවද ධර්ම ග්‍රන්ථය පිරිනමනු ලැබූ ජනයා ඔවුනට පැහැදිලි සාධකය පැමිණීමෙන් පසු ව මිස ඔවුහු වෙන් ව නොගියෝය.
(5) තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහු ව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නොලැබුවෝය. තවද ඍජු දහම වනුයේ එයයි.
(6) සැබැවින්ම පුස්තක ලත් ජනයා අතරින් වූ ප්‍රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහිය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන්මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ.
(7) සැබැවින්ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි ඔවුහුමය මැවීම් අතරින් ශ්රේෂ්ඨම මැවීම වනුයේ.
(8) ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදහටම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය. ඔවුහුද ඔහු ව පිළිගත්තෝය. එය තම පරමාධිපතිට බිය වූ අයටය.