(1) තරඟ වදිමින් (වස්තුව) අධික ලෙස රැස් කිරීම (අල්ලාහ් ව සිහිපත් කිරීමෙන්) නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
(2) නුඹලා මිනීවළවල් හමු වන තුරු,
(3) එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
(4) යළි එසේ නොව, නුඹලා මතු දැන ගනු ඇත.
(5) එසේ නොව නුඹලා තිරසාර දැනුමින් දැන ගන්නෙහු නම්,
(6) නුඹලා සැබැවින්ම නිරය දකිනු ඇත.
(7) පසුව නුඹලා එය තිරසාර ලෙස දකිනු ඇත.
(8) තවද එදින නුඹලා (භුක්ති වින්දා වූ) සැප සම්පත් පිළිබඳ ව විමසනු ලබනු ඇත.