<     >  

106 - Quraish ()

|

(1) කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,

(2) ශීත හා ග්‍රීෂ්ම ඍතුවන් හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද,

(3) මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා !

(4) කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය.

<     >