<     >  

107 - Al-Maa'un ()

|

(1) විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?

(2) එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.

(3) තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.

(4) එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!

(5) ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ.

(6) අන් අයට පෙන්වා (පුරසාරම් දොඩ)න්නන් වූහ.

(7) නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූහ.

<     >