<     >  

109 - Al-Kaafiroon ()

|

(1) (නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්‍රතික්ෂේපකයිනි!

(2) නුඹලා නමදින දෑ මම නොනමදිමි.

(3) තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.

(4) තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.

(5) මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.

(6) නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.

<     >