<     >  

87 - Al-A'laa ()

|

(1) නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.

(2) ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.

(3) තවද ඔහු(සියල්ල) නිර්ණය කර (ඒවා ලබාගැනීමට) මඟද පෙන් වූයේය.

(4) තවද (සිව්පාවන් සඳහා) තණ බිම් පිට කළේ ඔහුය.

(5) පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.

(6) අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරන්නෙහිය.

(7) අල්ලාහ් අභිමත වූ දෑ හැර (අන් කිසිවක්) නුඹ අමතක නොකරන්නෙහිය. සැබැවින්ම ඔහු සැඟවුණු දෑ ද ප්‍රකට දෑ ද දන්නා ය.

(8) තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.

(9) එබැවින් සිහිපත් කිරීම (අසන්නාට) ප්‍රයෝජනවත් වේ නම් නුඹ සිහිපත් කරනු.

(10) කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු සිහිපත් කර ගනු ඇත.

(11) තවද අභාග්‍යවන්තයා එය වළක්වා ගන්නේය.

(12) ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.

(13) පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.

(14) සැබැවින්ම (කුර්ආනයේ උපදෙස මගින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.

(15) තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.

(16) නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.

(17) (මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.

(18) සත්‍ය වශයෙන්ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.

(19) ඉබ්‍රාහීම් හා මූසාගේ ලේඛනයන්හි (සඳහන් ව) ඇත.

<     >