<     >  

92 - Al-Lail ()

|

(1) රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,

(2) දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත ද,

(3) පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,

(4) නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.

(5) එහෙයින් පරිත්‍යාග කර, බිය බැතිමත් වී,

(6) යහපත ගෙන සාක්ෂාත් කළ කෙනෙකු වූ කලී,

(7) අපි ඔහුට පහසුව වෙතට පහසු කරන්නෙමු.

(8) තවද මසුරු වී, තමන් අවශ්‍යතාවන්ගෙන් තොර (ස්වයං පූරිත) යැයි සිතා,

(9) විශිෂ්ට දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී,

(10) අපි ඔහු ව දුෂ්කරතාව වෙතට පහසු කරන්නෙමු.

(11) තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.

(12) නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.

(13) තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව ඇත්තේ අපහට ය.

(14) එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.

(15) අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.

(16) ඔහු (අපගේ දේව වදන්) අසත්‍ය කර පිටුපෑවේය.

(17) තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මුදවා ගන්නෙමු.

(18) (ඔවුහු කව්රුන්ද යත්) තමන් පිවිතුරු වෙමින් තම ධනය ( අල්ලාහ් උදෙසා) පිරිනමා පිවිතුරු වෙති.

(19) තමා අසල තිබී පිරිනමනු ලැබූ කිසිදු සම්පතක් (වෙන) කිසිවෙකු වෙනුවෙන් නොවීය.

(20) උත්තරීතර තම පරමාධිපතිගේ මුහුණට (තෘප්තිය අපේක්ෂාවෙන්) මිස.

(21) තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.

<     >