109 - Al-Kaafiroon ()

|

(1) (නබිවරය!) නුඹ පවසනු; අහෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නනි!

(2) නුඹලා නමදින දෑ මම නොනමදිමි.

(3) තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.

(4) තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.

(5) තවද මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.

(6) නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.