110 - An-Nasr ()

|

(1) අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විට ද,

(2) තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද,

(3) නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී ය.