113 - Al-Falaq ()

|

(1) (නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

(2) ඔහු මැවූ දෑහි හානියෙන් ද,

(3) තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,

(4) තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,

(5) ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)