(1) (නබිවරය!) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.
(2) මහඟු වූ ආරංචිය පිළිබඳව ය.
(3) එය ඔවුන් භේද බින්න වී සිටි දෑය.
(4) නොඑසේය. ඔවුහු මතු දැන ගනු ඇත.
(5) යළි නොඑසේය. ඔවුහු මතු දැන ගනු ඇත.
(6) අපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නොකළෙමු ද?
(7) තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)
(8) තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.
(9) තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.
(10) තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.
(11) තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.
(12) තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.
(13) තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.
(14) තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.
(15) එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
(16) තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)
(17) නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.
(18) සූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
(19) තවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.
(20) කඳු (තිබූ තැන් වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.
(21) නියත වශයෙන්ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.
(22) (එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.
(23) එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.
(24) ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.
(25) නමුත් නටන උණු දිය සහ සැරව මිස.
(26) එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
(27) නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියෝය.
(28) තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.
(29) තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.
(30) “එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.”
(31) නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.
(32) වතු හා මිදි ද (ඇත.)
(33) තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).
(34) (පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)
(35) නිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.
(36) (එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි.
(37) (එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කතා කිරීමට ඔවුනට බලය නොමැත.
(38) එදින රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටිති. අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කතා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කතා නොකරයි.
(39) මෙයමය සත්‍යය වූ දිනය. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා!
(40) නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් ඉදිරිපත් කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි.