87 - Al-A'laa ()

|

(1) නුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.

(2) ඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේය.

(3) තවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේය.

(4) තවද උලා කන තණ බිම් පිට කළේ ඔහුය.

(5) පසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේය.

(6) අපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නොකරනු ඇත.

(7) අල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නොකරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.

(8) තවද අපි පහසු ව වෙත නුඹට පහසු කරවන්නෙමු.

(9) එබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.

(10) කවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.

(11) තවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත.

(12) ඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.

(13) පසු ව ඔහු එහි මරණයට පත් නොවෙයි. ජීවත් ද නොවෙයි.

(14) සැබැවින්ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේය.

(15) තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් තවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේය.කර පසු ව සලාතය ද ඉටු කළේය.

(16) නමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහුය.

(17) (මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.

(18) සත්‍ය වශයෙන්ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.

(19) ඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි.