(1) (විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේද?
(2) එදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත් ව අවමානයෙන් පවතී.
(3) වෙහෙස ව හා විඩාවට පත් ව පවතී.
(4) ඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.
(5) (ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.
(6) ඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නොමැත.
(7) එය (ඔවුන් ව) පුෂ්ටිමත් නොකරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නොවෙයි.
(8) (ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.
(9) ඒවායෙහි ශ්‍රමයන් පිළිබඳ ව තෘප්තියට පත් ව,
(10) උසස් ස්වර්ග උයන්හි (පවතී.)
(11) එහි පුහු වදන් ශ්‍රවණය නොකරති.
(12) එහි ගලා යන උල්පත් ඇත.
(13) එහි උස් නිදියහන් ද ඇත.
(14) (බීමට) තබන ලද ගුරුලේත්තු ද,
(15) වියන ලද කොට්ට ද,
(16) දිග හරින ලද බුමුතුරුණු ද ඇත.
(17) ඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැයි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?
(18) අහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැයි ද;
(19) කඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැයි ද;
(20) මහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැයි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නොවේද?)
(21) එහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන්ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.
(22) නුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නොවන්නෙහිය.
(23) කවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.
(24) සැබැවින්ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේය.
(25) සැබැවින්ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.
(26) පසුව සැබැවින්ම ඔවුන් (කළ ක්‍රියාවන්) ගේ ගණනය අප මත ය.