92 - Al-Lail ()

|

(1) රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,

(2) දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,

(3) පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,

(4) නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.

(5) එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,

(6) යහපත් දෑ සත්‍ය කළ කෙනෙකු වූ කලී;

(7) අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.

(8) තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,

(9) යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;

(10) අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.

(11) තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.

(12) නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.

(13) තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුවය.

(14) එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.

(15) අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.

(16) ඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේය.

(17) තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු.

(18) ඔහු වනාහි තම ධනය පිරිනමා පිවිතුරු වූ අයෙකි.

(19) කිසිවකුට හෝ ප්‍රතිලාභ වශයෙන් පිරිනැමෙන කිසිදු සම්පතක් ඔහු සතුව නැත.

(20) උත්තරීතර තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් මිස.

(21) තවද ඔහු මතු තෘප්තියට පත් වනු ඇත.