93 - Ad-Dhuhaa ()

|

(1) පෙරවරු ව මත දිවුරා දිවුරමින්,

(2) තවද රාත්‍රිය (දහවල) ආවරණය කරන විට, ඒ මත දිවුරමින්,

(3) නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.

(4) සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.

(5) තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.

(6) ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දැක නුඹට රැකවරණය නොදුන්නේද?

(7) තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දැක පසුව ඔහු මඟ පෙන්වූයේය.

(8) තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දැක පසුව ඔහු ස්වයංපෝෂිත කළේය.

(9) එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.

(10) තවද අයදින්නා ව පලවා නොහරිනු.

(11) තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.