94 - Ash-Sharh ()

|

(1) අපි නුඹගේ හදවත නුඹට පුළුල් නොකළෙමු ද?

(2) තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු.

(3) (එය) නුඹේ පිට තළමින් තිබූණි.

(4) තවද නුඹගේ කීර්තිය අපි නුඹට උසස් කළෙමු.

(5) එබැවින් නියත වශයෙන්ම දුෂ්කරතාව සමඟ පහසු ව ඇත.

(6) සැබැවින්ම දුෂ්කාරතාව සමඟ පහසු ව ඇත.

(7) එබැවින්, නුඹ (නුඹගේ ලෞකික කටයුතු) අවසන් කළ විට (මතුලොව කටයුතු සඳහා) කැපවනු.

(8) තවද නුඹගේ පරමාධිපති වෙත යොමු වනු.