(1) මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු.
(2) ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය.
(3) නුඹ කියවනු. නුඹේ පරමාධිපති අති ගෞරවනීය.
(4) ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය.
(5) මිනිසාට ඔහු නොදැන සිටි දෑ ඔහු ඉගැන්වූයේය.
(6) නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය.
(7) තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය.
(8) නියත වශයෙන්ම නැවත හැරී යාම නුඹගේ පරමාධිපති වෙතය.
(9) වළක්වන අය ව නුඹ දුටුවෙහිද?
(10) ගැත්තා සලාතය ඉටු කරන විට (ඔහුව වළක්වන අය ව නුඹ දුටුවෙහිද?)
(11) ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහිද?
(12) නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහිද?)
(13) තවද ඔහු (සත්යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
(14) නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියා ද?
(15) නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
(16) එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි.
(17) එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන් කැඳවත්වා!
(18) මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු.
(19) නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වනු.