(1) නියත වශයෙන්ම අපි එය බලගතු රාත්රියෙහි පහළ කළෙමු.
(2) බලගතු රාත්රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
(3) බලගතු රාත්රිය මාස දහසකට වඩා උතුම්ය.
(4) මලක්වරුන් හා මහා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වන්නේය.
(5) ශාන්තියයි ! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.